spot_imgspot_img

ආසියානු කුසලානයේ ටිකට් එකක මිල දාහට බහී

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තරගවල ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩුකර තිබෙනවා.

ඒ, අනුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන සුපිරි හතර වටයේ තරගවල අවම ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් දහස දක්වා අඩුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ,අනුව සැප්තැම්බර් 9, 12, 14 සහ 15 යන දිනවල ක්‍රීඩා කිරීමට නියමිත තරග සඳහා මෙම ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක බවයි දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් 10 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය සහ තරගාවලියේ අවසන් මහා තරගය සඳහාවන ප්‍රවේශපත් වල ගාස්තුවල සංශෝධනයක් කර නැහැ.

ප්‍රවේශපත්‍ර pcb.bookme.pk හරහා හෝ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්ටරය හරහා ද මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?