ආරක්ෂිත සත්වයෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

දැඩි ආරක්‍ෂිත සත්වයකු වන ඕලු මුවකුගේ මස් තොගයක් සමග රිටිගල ආසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් අනුව රිටිගල හා මොරගොඩ වනජීවී කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු රිටිගල ආසිරිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

රිටිගල ආසිරිගම ප්‍රදේශයේ සැකකරුට අයත් නිවසක ශිතකරණයේ සඟවා තිබීයදී එම ඕලු මුව මස් කිලෝ 3ක තොගය සොයා ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් අනුව ඕලු මුවා ඝාතනය කර තිබූ ස්ථානය ද සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා.

සැකකරු දඩයම් බල්ලන් යොදාගෙන එම ඕලු මුවා කොටුකරගෙන, පොරවකින් පහරදී ඝාතනය කර ඇති බව ද සිදු කළ විමර්ශණවලදී අණාවරනය වී තිබෙනවා.

ව්‍යවහාරයේ දී වැලි මුවා ලෙස ද හදුන්වන ඕලු මුවා Barking deer ලෙස ඉංග්‍රිසි බසින් හැදින්වෙන අතර දමිල භාෂාවෙන් කාට් ආඩු ලෙසටයි ව්‍යවහාර කෙරෙන්නේ.

Cervidae කුලයට අයත්වන ඕලු මුවාගේ විද්‍යාත්මක නාමය Muntiacus muntjac ලෙස හැදින්වෙන අතර තෘණ වර්ග, පළතුරු, ශාක දළු, බීජ, කුරුලු බිත්තර සහ කුඩා සතුන් ආහරයට ගන්නා සර්ව භක්ෂක සත්වයෙක් වනවා.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව ඕලු මුවා දැඩි ආරක්ෂීත සත්වයකු ලෙස නම් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?