ආරක්ෂිත සත්වයෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

දැඩි ආරක්‍ෂිත සත්වයකු වන ඕලු මුවකුගේ මස් තොගයක් සමග රිටිගල ආසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් අනුව රිටිගල හා මොරගොඩ වනජීවී කාර්යාලවල නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී යි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු රිටිගල ආසිරිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

රිටිගල ආසිරිගම ප්‍රදේශයේ සැකකරුට අයත් නිවසක ශිතකරණයේ සඟවා තිබීයදී එම ඕලු මුව මස් කිලෝ 3ක තොගය සොයා ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් අනුව ඕලු මුවා ඝාතනය කර තිබූ ස්ථානය ද සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා.

සැකකරු දඩයම් බල්ලන් යොදාගෙන එම ඕලු මුවා කොටුකරගෙන, පොරවකින් පහරදී ඝාතනය කර ඇති බව ද සිදු කළ විමර්ශණවලදී අණාවරනය වී තිබෙනවා.

ව්‍යවහාරයේ දී වැලි මුවා ලෙස ද හදුන්වන ඕලු මුවා Barking deer ලෙස ඉංග්‍රිසි බසින් හැදින්වෙන අතර දමිල භාෂාවෙන් කාට් ආඩු ලෙසටයි ව්‍යවහාර කෙරෙන්නේ.

Cervidae කුලයට අයත්වන ඕලු මුවාගේ විද්‍යාත්මක නාමය Muntiacus muntjac ලෙස හැදින්වෙන අතර තෘණ වර්ග, පළතුරු, ශාක දළු, බීජ, කුරුලු බිත්තර සහ කුඩා සතුන් ආහරයට ගන්නා සර්ව භක්ෂක සත්වයෙක් වනවා.

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව ඕලු මුවා දැඩි ආරක්ෂීත සත්වයකු ලෙස නම් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11) කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59