ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට – මහින්දට එල්ල වෙනවා යැයි කියූ ඩ්‍රෝන ප්‍රහාරය ගැනත් ප්‍රකාශයක් (වීඩියෝ)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ අවශ්‍යතාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

අද (29) දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අවශ්‍යතාවක් පැන නැගුණහොත් එය ද ඉටු කිරීමට සූදානම් බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම ඊයේ දිනයේ දී යාපනය මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවරයින් දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා.

එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කංචන බානගොඩ මහතා පැවසුවේ; ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර පැමිණි ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී මෙම සිදුවීම සිදු ව ඇත්තේ ඉන්දීය ධීවරයින් නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් බවයි.

24 පැය පුරා ම මෙරට මුහුදු සීමාව පරීක්ෂා කිරීමටත්, රට තුළ සැරිසරන ට්‍රෝලර් යාත්‍රා පරීක්ෂා කිරීම ද නාවික හමුදාව විසින් සිදු කරන බවත් ඉන්දීය බහුදින ධීවර යාත්‍රාව නාවික නියෝග අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති ව තිබෙන බවත් නාවික හමුදාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර මෙම මාධ්‍ය හමුවේ දී පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරුණා.

එහිදී ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ලබා දී ඇති ආයුධ සම්බන්ධ‍යෙන් විගණනයක් කර ඇති බවත් නිසි දිනයට අවි ආයුධ ලබා නොදුන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හට ගිනිඅවි දෙකක් ලබා දී ඇති බවත් ඉන් එකක් ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාර කරන ලෙසට දැනුම්දී ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා.

යෝෂිත මහතා වෙත ගිනිඅවි දෙකක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදු කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වෙනවා යැයි කියූ ඩ්‍රෝන ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා නොමැති බවත් එසේ ඇත්නම් නියත වශයෙන් ම ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34