ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ ආපදා අවදානම් කළමනාකරණය වඩාත් විධිමත් හා ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණා.

ජාතික මට්ටමින් ආපදා අවදානම් කළමනාකරණ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම, ආයතනික පූර්ව සූදානම ඉහළ නැංවීම සහ අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන නියෝජිතායතන අතර අන්තර් සම්බන්ධීකරණය වඩාත් කාර්යක්‍ෂම කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු වුණා.

ආපදා අවදානම් අවම කර ගැනීම, පූර්ව සූදානම, හදිසි ප්‍රතිචාර දැක්වීම මෙන්ම, ආපදාවෙන් පසු යථා තත්ත්වයට පත්කිරීමේ යාන්ත්‍රණයන් සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගීතාව හා මනා සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සාධකයක් බව ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන යුරෝපීය සංගමයේ සහයෝගිතා ප්‍රධානී වර්ජිනි ලෆ්ලියර්-ටිගේ ද එක් වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC), Save the Children සංවිධානය සහ අනෙකුත් අදාළ පාර්ශවකාර ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්‌ථාවට සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51