ආපදාවට පත් ජනතාවගේ මනස සුවපත් කරන ව්‍යපෘතියක්

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්, ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ සංවිධානය කරන ‘Beyond Recovery’ දීපව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඊයේ (10) බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී තිබෙනවා.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම ‘Beyond Recovery’ සමාරම්භක වැඩසටහන පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ වන විට මොරහෙල මහා විද්‍යාලයේ පවුල් 118 කට අයත් පුද්ගලයින් 279 දෙනෙක් සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ පවුල් 101 ක සාමාජිකයින් 288 දෙනෙක් තාවකාලිකව රැඳී සිටිනවා.

භෞතික ආධාරවලින් ඔබ්බට යමින්, අවතැන් වූ ප්‍රජාවට යළි නැගී සිටීමට අවශ්‍ය ධෛර්යය හා මානසික සහනය ලබා දීම ‘Beyond Recovery’ ව්‍යාපෘතියේ මූලික අරමුණය බව සඳහන්.

ඒ අනුව ස්වේච්ඡා කලාකරුවන් පිරිසකගේ දායකත්වයෙන් මෙම විශේෂ සංගීතමය වැඩසටහන පවත්වා තිබෙනවා.

මීට අමතරව පරිත්‍යාගශීලී පුද්ගලයින් සහ ආයතන විසින් ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය වෙත බාර දුන් පාසල් උපකරණ, පොත්පත් සහ සෙල්ලම් බඩු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් දරුවන් වෙත ත්‍යාග ලෙස පිරිනැමීම ද මෙහිදී සිදුවුණා.

මානසික සෞඛ්‍යය, ළමා මනෝ විද්‍යාව, ප්‍රජා සෞඛ්‍යය සහ නිර්මාණාත්මක කුසලතා වර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත්දායකයින් මෙන්ම විදේශික ස්වේච්ඡා ක්‍රියාකාරීන් පිරිසක් ද මෙම ව්‍යාපෘතියට සමඟ එක්ව සිටි අතර, ඔවුන් දරුවන් වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවනු ලැබුවා.

බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ ‘Beyond Recovery’ වැඩසටහන අද (11) දිනයේදීත් තවත් සුරක්ෂා මධ්‍යස්ථාන කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58