spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අළු බඳුනේ ජය සමසේ බෙදෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට එංගලන්ත ඊයේ සමත් වූණා.

ඒ, අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශ්‍රාම යන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ජයග්‍රාහී සමුදීමක් ලබාදීමට එංගලන්ත ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

එංගලන්තය මෙම අවසන් තරගය ජය ගැනීමත් සමඟ තරග පහකින් සමන්විත 2023 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුණේ දෙපිළම තරග දෙක බැඟින් ජයගෙනයි.

තරගාවලියේ පළමු තරග දෙක ඕස්ට්‍රේලියාව ජයගත් අතර, තුන්වන තරගය ජය ගැනීමට සත්කාරක එංගලන්තය සමන්ත වුණා.

සිව්වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, පස්වන සහ අවසන් තරගය ඊයේ ජය ගත්තේ එංගලන්තයයි.

පස්වන තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

එහිදී එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 283ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 295ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන් අනතුරුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 395ක ලකුණු සංඛ්‍යාවක් සිය දෙවන ඉනිමේ ලකුණු පුවරුවට එක් කළා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 383ක ඉලක්කයක් සිය දෙවන ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානුවන්ට දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 334ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයේ ජය සත්කාරක එංගලන්ත කණ්ඩායම සතු වුණා.

මේ අතර එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාගතව තිබූ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ අවසන් කඩුල්ල සිය අවසන් ටෙස්ට් තරගය ට සහභාගී වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් බිඳ හෙළීමට සමත්වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?