අහුංගල්ලේ බබාගේ පියා ඝාතනයට අනුබල දුන් ‘ආදරේ’ අල්ලයි (වීඩියෝ)

පසුගිය මැයි 08 වනදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තැබීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙක්.

කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,150ක් ද සොයාගෙන තිබෙනවා.

අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා පළාගොස් තිබුණා.

එහිදී කීර්ති ආබෲ නැමැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු මේ වනවිට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදීශ ආබෘෘ හෙවත් ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා බවයි අනාවරණය වුණේ.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ ප්‍රදේශයේ ඉඩමක ගිනි තබා විනාශකර තිබිය දී පොලිසිය විසින් පසුව සොයා ගත්තා.

මේ අතර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් කීර්ති ආබෲ නමැත්තාට වෙඩිතබා පළායන අවස්ථාවේ දී ඊට ආසන්න තවත් නිවසකට ද වෙඩි තබා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46