අසාධ්‍යව සිටි ‘තල්ඇටයා’ ඇත් පැටවා උඩවලව ඇත් අතුරු සෙවණට

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ‘තල්ඇටයා’ නමින් හඳුන්වන ඇත් පැටවා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගිය බව පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා.

පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ගේ සහ මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් ඇතුළු වෙනත් ප්‍රදේශවලින් පැමිණි වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ද එක්ව සිටිනවා.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ඇත් පැටවාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමටත්, සත්ත්වයාට කිසිදු හානියක් නොවන පරිදි ආරක්ෂිතව උඩවලව වෙත රැගෙන යාමටත් වනජීවී නිලධාරීන් කටයුතු කර තිබූ බව පරිසර අමාත්‍යාංශය පවසනවා.