AFC Banner
AFC Banner
Empty Ad

අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය සත්කාරකයින්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගයේ දෙවැනි හා අවසන් තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට හිමිවුණා.

මීට ටික වේලාවකට පෙර (05) Gqeberha ක්‍රීඩාංගණයේ දී තරගයේ කාසියේ වාසිය හිමිකරගනිමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාව ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි තීරණාත්මක ටෙස්ට් තරගයක් ලෙසට අද තරගය දෙපිළටම වැදගත් වනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වනු ඇති.

දකුණු අප්‍රිකාව; ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පසුගියදා විශිෂ්ට ලකුණු 233කින් ජය ගත්තා.

කෙසේ නමුත් අද තරගයට දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු ක්‍රීඩකයෙකු මෙන් ම පිතිකරුවෙකු වන කොට්සෙ සහ මල්ඩර් එක් නොවනු ඇති.

ඒ වෙනුවට වේග පන්දු ක්‍රීඩක ඩේන් පැටර්සන් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

කෙසේවෙතත් ක්‍රීඩා විචාරකයින් පෙන්වාදෙන්නේ Gqeberha ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ගේ නිජබිමක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?