අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින්

අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට රටම සූදානම් වෙමින් සිටිනවා. පුණ්‍ය කාලය උදාවට තවත් ඉතිරිව ඇත්තේ, පැයක පමණ කාලයක්.

අද පෙරවරු 8.35ට පුණ්‍ය කාලය උදාවන අතර එය ගෙවී යන්නේ රාත්‍රි 9.23 ටයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වන්නේ, අද (14) පස්වරු 2.59 ටයි.

පෙරවරු 8.35ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජ්‍යෝතිෂයේ සඳහන්.

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද පස්වරු 3.29 ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරී මිශ්‍ර කිරිබතක් ද තල හා විළද මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කිරීම යහපත් බව, ජෝතිෂයේ දැක්වෙනවා.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරිම හා ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ, අද පස්වරු 5.05ටයි.

විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කළ යුතු බව, නැකැත් පත්‍රයේ සඳහන්.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ එන ප්‍රධාන නැකැත් සියල්ල අදට යෙදී තිබීම විශේෂත්වයක්.

බොහෝ විට වෙනත් වසරවල අප්‍රේල් 13 වනදාට යෙදෙන පුණ්‍ය කාලය ද මෙවර යෙදී ඇත්තේ අද දිනටයි.

ඒ අනුව වැඩ අතහැරීම හා වැඩ ඇල්ලීම එකම දිනකට යෙදී ඇති මෙවර අවුරුද්ද විශේෂත්වයක් ගන්නවා.

හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වැනිදා පෙරවරු 9.41 ට යෙදී තිබෙනවා.

රතු හා කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත්ද ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යහපත් බවටයි ජ්‍යෝතිෂයේ දැක්වෙන්නේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත, ලබන 17 වැනි සඳුදා උදෑසන 6.28 ට යෙදී ඇති අතර ජ්‍යෝතිෂයේ සඳහන් වන්නේ, සුදු පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව ලබා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?