වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් කිරිඳි ඔය ජල මට්ටම සීඝ්රයෙන් ඉහල යන බවට වාර්තාවෙනවා.
අලිකොටආර ජලාශයේ ජල පෝශක ප්රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහල ගොස් තිබෙනවා.
එම නිසා අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර, වාන් දොරටු විවෘත කිරීමත් සමග එම ජලය කිරිදිඔයට මුදා හැරෙන බැවින් කිරිදිඔයේ ජල මට්ටම මේ වන විට ශීඝ්රයෙන් ඉහල යන බවට වාර්තාවෙනවා
.
කිරිදිඔය දෙපස ජනතාව සහ කිරිදිඔය භාවිතයට ගන්නා ජනතාව මේ සම්බධයෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන මෙන් නිවේදනය කරන තිබෙනවා.
