අල්ලස් ගත් පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ චෝදනා මත වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් දස දහසක මුදලක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන කොටවිල පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ.

වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බැංකු ගිණුමකින් කිසියම් පුද්ගලයෙකු අවස්ථා පහකදී වෙනත් ගිණුමකට රුපියල් 470000ක් මාරු කරගෙන ඇති බවට එම කාන්තාව වැලිගම පොලිසියට පැමිණිලි කර තිබූ බව සඳහන්.

එම පැමිණිල්ලට අනුව වැලිගම පොලිසියේ අධිකරණ කටයුතු භාරව සිටින පොලිස් නිලධාරියා විසින් මුදල් මාරු කර ඇතැයි කියන ගිණුමේ සහ ගිණුම් හිමියාගේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය බව පවසමිනුයි පැමිණිලිකාර කාන්තාවගෙන් රුපියල් 10000ක මුදලක් ඉල්ලා ඇත්තේ.

ඒ අනුව එම මුදල වැලිගම පොලිස් ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ පැමිණිලිකාරිය විසින් සැරයන්වරයාට ලබාදෙන අවස්ථාවේ අල්ලස් හෝ දුෂණ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පොලිස් සැරයන්වරයා හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30