Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අරගල සමයේ රජයේ වාහනයකට හානිකළ සිද්ධියේ විත්තිකරුවන් 06ක් නිදහස්

අරගල සමයේදී එනම් 2022 මැයි 09 වෙනිදා තවත් පිරිසක් සමග බොරලැස්ගමුව නගර සභාව වැටලු නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් නගර සභාවට අයත් කැබ් රථයකට අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් හය දෙනා චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා දහතුනෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ අද (17) පස්වරුවේ නියෝග කළා.

පැමිණිල්ල විසින් එකී විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේ සිට විවිධ දුර්වලතා ඇති බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විනිසුරුවරයා අධි චෝදනා පත්‍රයේ සඳහන් චෝදනා දහතුනෙන්ම විත්තිකරුවන් හය දෙනාම නිදොස් කොට නිදහස් කළ නමුත් පළමු දෙවන හා හයවන විත්තිකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ ගැනෙන සුළු චෝදනා කීපයකට වරදකරුවන් කරනු ලැබුවා.

ඒ අනුව පළමු වන විත්තිකාර ඉන්ජිද්‍රිත් නිහාල් අතුකෝරලා නැමැත්තා දන්ඩ නීති සංග්‍රහයේ 409 චෝදනාවට වරදකරු කොට මාස තුනක ලිහිල් සිර දඬුවම්ද, දෙවන විත්තිකාර සහන් චතුරංග නමැති විත්තිකරු අනර්ථයක් සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනා දෙකට වෙන් වෙන්ව වරදකරුකොට මාස තුනක ලිහිල් සිරදඬුවම් හා මාස අටක බරපතල සිර දඬුවම්ද හයවන චූදිත රුවන් ලක්මාල් නමැත්තා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වන වගන්ති යටතේ ගැනෙන චෝදනා දෙකකට වරදකරුකොට මාස අට බැගින් වූ ලිහිල් සිර දඬුවම්ද නියම කළා.

තුන්වන විත්තිකරුට චෝදනා දෙකකට වෙන් වෙන්ව නියම කළ මාස දහසයක (16) ලිහිල් සිරදඬුවම එනම් එකවර මාස අටකින් කාලයකින් ගෙවී යන ලෙස ලබාදීමටද නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් එකී විත්තිකරුවන් හය දෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 140 වගන්ති යටතේ ගැනෙන පොදු දේපළක් වන නගර සභාවට අයත් ජීප් රථයකට අනර්ථයක් සිදු කිරීම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, එකී කැබ් රථයකට පහර පහරදී රුපියල් දෙලක්ෂ දාහත දහසක හානියක් සිදුකිරීම හා ප්‍රධාන දොරටුව හා දොර ජනෙල් වලට රුපියල් 160,00 ක හානියක් සිදුකිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ එම නඩුව පවරා තිබුණා.