අයිස් සහ හෙරොයින් සමඟ අහුංගල්ලෙන් ඇල්ලූ හතරදෙනාට රැඳවුම් නියෝග

රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අම්බලන්ගොඩ සහ අහුංගල්ල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සහ සැකකරුවන් තිදෙනා ලබන මාර්තු 05 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ඒ, සැකකරුවන් සිව්දෙනා අද (28) දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අම්බලන්ගොඩ සහ අහුංගල්ල යන ප්‍රදේශවල ඊයේ (27) පස්වරුවේ සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට අමතරව මිලිමීටර් 09 පතොරම් උණ්ඩ 30ක් සහ මිලිමීටර් 38 පතොරම් උණ්ඩ 30ක් ද මොවුන් සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අහුංගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 50කට අධික වටිනාකමින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ බවට පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් ද සිටින අතර, කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීම මත ඔහු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවයි දැනට සිදුකළ විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16