අයින්ස්ටයින් ලියූ ලෝකය වෙනස් කළ ලිපිය අති විශාල මුදලකට වෙන්දේසි වෙයි

ලොව ප්‍රකට විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද විශේෂ ලිපියක් වෙන්දේසියක දී ඩොලර් මිලියන 3.9කට අලෙවි වී තිබෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් විසින් මෙම ලිපිය ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆ්රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් වෙත ලියන ලද්දක්.

න්‍යෂ්ටික පර්යේෂණවලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ජනාධිපති රූස්වෙල්ට බල කරමින් වර්ෂ 1939 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් එය ලියා ඇති බවයි වාර්තා වන්නේ.

පරමාණු බෝම්බය නිපදවීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ මෙම ලිපිය, න්‍යෂ්ටික අවිවල බරපතල විභවය සහ ඇමරිකානු මැදිහත්වීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන්.

න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ මෑත කාලීන දියුණුව සහ යුරේනියම් නව,වැදගත් බලශක්ති ප්‍රභවයක් බවට පත් විය හැකි බව සඳහන් කරමින් මෙම ශක්තිය “අතිශයින්ම බලගතු බෝම්බ” නිර්මාණය කිරීමට යොදාගත හැකි බවට එම ලිපිය මඟින් අනතුරු අඟවා තිබෙනවා.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගීමත් සමඟ අයින්ස්ටයින් යුරෝපයෙන් පලා ගොස් සිටි අවස්ථාවක ලියූ මෙම ලිපිය මඟින් න්‍යෂ්ටික විඛණ්ඩනය පිළිබඳ පර්යේෂණ කඩිනම් කිරීමට එක්සත් ජනපදයට ඒත්තු ගැන්වීමට උපකාරී වූ අතර, එය මෑන්හැටන් ව්‍යාපෘතියට සහ අවසානයේ පරමාණු බෝම්බ නිපදවීමට හේතු වූවක්.

වෙන්දේසි කරන ලද මෙම ලිපිය මීට පෙර අභාවප්‍රාප්ත මයික්‍රොසොෆ්ට් සමනිර්මාතෘ පෝල් ඇලන් සතු වූ අතර, ඔහු එය 2002 දී ඩොලර් මිලියන 2.1 කට මිලදී ගෙන තිබුණා.

මෙම ලිපිය එක්සත් ජනපද න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙනයාමට ප්‍රයෝජනවත් වුවද, පසුව අයින්ස්ටයින් ඒ සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට සම්බන්ධවීම ඔහු අතින් වූ “විශාල වැරැද්දක්” ලෙස හඳුන්වනු ලැබුවා.

1945 දී හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පසු අයින්ස්ටයින්, සිදු වූ මෙම අති විශාල මිනිස් සංහාරය පිළිබඳව දුක්වෙමින් විලාප දුන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26