අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 833,985ක් ආපදාවට – පුද්ගල මරණ 159යි, 203ක් අතුරුදහන්

දිවයින බලපෑ අයහපත් කාලගුණය හමුවේ ඊයේ (29) පස්වරු 6.00 වන විට මෙරට පවුල් 234,503 ආපදාවට ලක්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ පවසනවා.

ඒ, අනුව පුද්ගලයින් 833,985 ආපදාවට ලක්ව ඇති බවයි සහකාර ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර පවතින අපදා තත්ත්වය හමුවේ නිල වශයෙන් තහවුරු වූ මරණ 159ක් ඊයේ (29) පස්වරු 6.00 වන විට වාර්තා වී ඇති බව සඳහන් කළ ඔහු පුද්ගලයින් 203 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ආපදා හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම සුරක්ෂිත මධ්‍යස්ථාන 919ක් ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන අතර, පවුල් 34,198ක පුද්ගලයින් 122,822ක් මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පවතින තත්ත්වයන් හමුවේ සහනාධාර සම්බන්ධ ගෙවීම් සංශෝධනය කර ඇති බවද ඔහු සඳහන් කළා.

ඒ, අනුව වියළි ආහාර සඳහා මුදල සතියකට තනි පුද්ගලයෙකු සඳහා රුපියල් 1,800 සිට 2,100 දක්වාත් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් පවුලකට පැවැති මුදල වන රුපියල් 3,600 සිට 10,500 දක්වාත් වැඩිකර තිබෙනවා.

ඒ, අනුව ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම සීමාවන්ට යටත්ව වියළි සලාක ලබාදීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් පිසූ ආහාර ලබාදීමේ දී පවතින සීමාවන් එලෙසම පවතින බවයි සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34