අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ මෙරට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එහි මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා පවසන්නේ මීට පෙර අදාළ සමාගම සමග ඇති කරගනු ලැබූ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවය.
ඒ සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බවද රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.
අදාළ ගිවිසුම පිළිබඳ රටට හෙළිදරව් නොකරන්නේනම් දැවැන්ත වෘත්තීය සමිති අරගලයක නිරතවන බව ද රන්ජන් ජයලාල් මහතා පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1