අමෙරිකානු බුද්ධි අංශ නිරුත්තර කළ චීනයේ නව අත්හදා බැලීම

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

බුද්ධි අංශ මුලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් අගෝස්තු මාසයේදී එම අත්හදා බැලීම සිදු කර ඇති බවයි.

පෘථිවිය වටා ගමන් කළ එම මිසලයසිය ඉලක්කය වෙත සාර්ථකව ලඟා වී ඇති අතර චීනය විසින් අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය අමෙරිකානු බුද්ධි අංශද විමතියට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් තරම් වේගයෙන් යුතුව ගමන් කිරීමට හයිපොර්සොනික් මිසයිලයකට හැකියාව පවතිනවා.

සතුරු මිසයිල ආවරණ (Missile Defence Systems) මගින් හයිපොර්සොනික් මිසයිලයක් ග්‍රහණය කර ගැනීමද දුෂ්කර බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

අමෙරිකාව, රුසියාව, චීනය ඇතුළු ලොව රටවල් 05ක් හයිපර්සොනික් මිසයිල නිපදවීමේ උත්සහයක නියැලෙමින් සිටින අතර 2019 වර්ෂයේ පැවති යුද සංදර්ශණයකදී චීනය විසින් සිය අනාගත යුද අවි අතරට හයිපර්සොනික් මිසයිලයක අනුරුවක්ද ඇතුලත් කර තිබුණා.

මේ වන විට චීනය සහ තායිවානය අතර යුද ශක්තිය විදහා පෑමේ දැඩි උත්සාහයක නිරත වන අතර චීනය විසින් රහසේම සිදුකර ඇති හයිපර්සොනික් මිසයිල අත්හදා බැලීම එම උණුසුම ත්‍රීව කරනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06