අමෙරිකානු බුද්ධි අංශ නිරුත්තර කළ චීනයේ නව අත්හදා බැලීම

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

බුද්ධි අංශ මුලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් අගෝස්තු මාසයේදී එම අත්හදා බැලීම සිදු කර ඇති බවයි.

පෘථිවිය වටා ගමන් කළ එම මිසලයසිය ඉලක්කය වෙත සාර්ථකව ලඟා වී ඇති අතර චීනය විසින් අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය අමෙරිකානු බුද්ධි අංශද විමතියට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් තරම් වේගයෙන් යුතුව ගමන් කිරීමට හයිපොර්සොනික් මිසයිලයකට හැකියාව පවතිනවා.

සතුරු මිසයිල ආවරණ (Missile Defence Systems) මගින් හයිපොර්සොනික් මිසයිලයක් ග්‍රහණය කර ගැනීමද දුෂ්කර බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

අමෙරිකාව, රුසියාව, චීනය ඇතුළු ලොව රටවල් 05ක් හයිපර්සොනික් මිසයිල නිපදවීමේ උත්සහයක නියැලෙමින් සිටින අතර 2019 වර්ෂයේ පැවති යුද සංදර්ශණයකදී චීනය විසින් සිය අනාගත යුද අවි අතරට හයිපර්සොනික් මිසයිලයක අනුරුවක්ද ඇතුලත් කර තිබුණා.

මේ වන විට චීනය සහ තායිවානය අතර යුද ශක්තිය විදහා පෑමේ දැඩි උත්සාහයක නිරත වන අතර චීනය විසින් රහසේම සිදුකර ඇති හයිපර්සොනික් මිසයිල අත්හදා බැලීම එම උණුසුම ත්‍රීව කරනු ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14