තම පියා සහ සහෝදරයා විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල් ගත කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලව පොලීසිය පවසනවා.
ඊයේ (09) රාත්රී 8.30ට පමණ වැල්ලව, කිරිදිවැල්මඩ ප්රදේශයේ දී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පහරකෑමෙන් මියගොස් ඇත්තේ සුමේධ හේමන්ත කුමාර නැමැති වයස අවුරුදු 41ක අයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
75 හැවිරිදි පියා සහ 43 හැවිරිදි සහෝදරයෙකු විසින් අදාළ පුද්ගලයාට මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.
අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ සිය මවට පහරදී ඇති අතර, ඊට කෝපයට පත්ව සැකකරුවන් දෙදෙනා ඔහුර පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.














AMMATA GAHAPU EKATH MEE HARAKA. AMMATA GAHUWA KIYALA MALLITA BALA PUTHATAA GAHALA MARAPU AYYA SAHA PIYA DENNATH AMU MEE HARAK.