පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, එම හිමිනම මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ බවට උන්වහන්සේ අද (07) දිනයේ මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.













