AFC Banner
AFC Banner
Empty Ad

අනූ නවයෙන් බේරුණු එකම පවුල – තුවාලකරුවන් රෝහලට (ඡායාරූප)

ගාල්ලේ සිදු වූ බිහිසුණු දුම්රිය – මෝටර් රථ අනතුරකින් එකම පවුලේ මව, පියා සහ දරු දෙදෙනා අනූ නවයෙන් සිය ජීවිත බේරාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (03) රාත්‍රී 8.30ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ ගාල්ල – මාගාල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම් රිය හරස් මාර්ගයේ දියි.

එම දුම් රිය හරස් මාර්ගයේ නැවතීමේ සංඥා ක්‍රියාත්මක වී තිබියදි රථයේ රියදුරු (පියා) සිය මෝටර් රථය පදවා ඇත්තේ.

එහිදී ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථය ගැටී තිබෙනවා.

අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසීන් පැමිණ රථ‍යේ සිර වී සිටි කුඩා දරුවන් දෙදෙනා ඇතුළු මව සහ පියා ව බේරාගෙන කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

අනතුර සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Image 2024 12 04 at 07.27.32 1
WhatsApp Image 2024 12 04 at 07.27.30
WhatsApp Image 2024 12 04 at 07.27.29 1
WhatsApp Image 2024 12 04 at 07.27.27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
9
+1
2
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?