අනුරපුර දැරියගේ සිද්ධිය ගැන සිදුකළ ප්‍රකාශයට දිලුම් අමුණුගම පොලිසියට කැඳවයි

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සිදුකළ ප්‍රකාශය පිළිබඳව පොලිසිය පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, අනුව හිටපු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දීමක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

පැමිණිල්ල ලැබී ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යේෂට පොලිස් අධිකාරීතුමිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted