අනියම් සැමියාට නිරුවත් ඡායාරූප යැවූ බිරිඳ මරන්න සිටි සැමියා අත්අඩංගුවට

WhatsApp තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප අනියම් සැමියාට යැවූ බව කියන බිරිඳව ඝාතනය කිරීමට සූදානම්ව සිටි පුද්ගලයකු කඩුවක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වන පුද්ගලයකුට ඇයගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථන ඔස්සේ යවා ඇති බවට සැකකරුට නිරීක්ෂණය වී දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබී ඇති බවටයි පරීක්ෂණ සිදු කරන පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි සැකකරු ඊයේ (28) පස්වරුවේ බිරිඳගේ නිවසට ගොස් ජනෙල් වීදුරු කඩා හානිකර ඇය ඝාතනය කිරීමේ අරමුණින් තියුණු කඩුවක් රැගෙන සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පානදුර දකුණ පොලිසියේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන මුළුතැන්ගෙයි සඟවා තිබූ අඩි දෙක හමාරක් පමණ දිගැති කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46