අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද අවසන් වෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රුවෝ 24 දෙනෙ­කුට එරෙ­හිව අධි චෝදනා 23,270ක් ගොනු කර විභාග වන පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (13) පස්වරු 1.00ට අවසන් වුණා.

පැමි­ණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස 2,309ක් පිරිසක් සාක්ෂි ලබා දුන් අතර එහි අව­සාන සාක්ෂිද අද (13) ඉදි­රි­පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ සාක්ෂි විභාගය අවසන් ­කරන බවයි.

ඒ අනුව වසර 05කට ආසන්න කාල­යක් තුළ දින 547ක් පමණ දීර්ඝ වශ­යෙන් ඉදි­රි­පත් කෙරුණු පැමි­ණිල්ලේ සාක්ෂි විභාගය අවසන් නිමා වුණා.

එහිදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය ලබන 17 වැනිදා ආරම්භ කරන බවයි.

ඒ, අනුව ලබන 17 ඊට දින නියම කළා.

අනතුරුව විත්තිවාචික කැඳවිමේ දී විත්තිකරුවන්ට ඇති ව්‍යස්ථාපිත අයිතිවාසිකම් පහදා දුන් අධිකරණය චුදිතයන්ට අවශ්‍ය නම් සාක්ෂි කුඩුවට පැමිණි දිවුරුම් පිට සාක්ෂි ලබාදිය හැකි බවද බවත් එසේ ලබාදෙන සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය වන බවත් දෙමළ භෂා පරිවර්තකගේ මාර්ගෙයෙන් කරුණු පහදා දුන්නා.

එමෙන්ම අවශ්‍ය නම් සාක්ෂි කුඩුව නොපැමිණ විත්තිකුඩුවේ සිට සාක්ෂි ලබා දිය හැකි බවත් එකී සාක්ෂි හරස් ප්‍රශ්න වලට භාජනය නොවන බවද පහදා දුන්නා.

එසේම චුදිතයන්ට පෙර කී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන විත්ති කුඩුවේ නිහඬ සිටිමටද හැකි බව පහදා දෙනු ලැබුවා.

නඩුවේ විත්තිකරුවෝ 25ක් නම් කර සිටි අතර 2021 වසරේදී එක් විත්තිකරුවකු මිය ගියා.

ඒ, අනුව විත්තිකරුවෝ 24 දෙනෙකුට 2021.10.04 අධි චෝදනා භාර දුන් අතර 2022.10.15 වැනිදා අධිචෝදනා කියවා දුන්නා.

මහා­ධි­ක­රණ විනි­සුරු නව­රත්න මාර­සිංහ (සභා­පති), සුජීව නිශ්ශංක සහ රාම­නා­දන් කන්නන් යන සෙසු මහා­ධි­ක­රණ විනි­සුරු­ව­රු­න්ගෙන් සම­න්විත කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම නඩුව විභාග වනවා.

පැමි­ණිල්ලේ සාක්ෂි විම­සී­මේ දී විත්ති­ක­රු­වන් දුන් පාපෝ­ච්චා­රණ කිහි­ප­යක් ස්වේච්ඡා­වෙන් දී ඇති බව ඒ සඳහා පැවැති සත්‍යතා පරී­ක්ෂ­ණ­යේදී සනාථ වුණා.

චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන තිබෙනවා.

සඟවා තිබූ බෝම්බ පුපුරණ ද්‍රව්‍ය, කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී නඩු භාන්ඩ 2,076ක් නඩු විභාගයේ දී ලකුණු කර තිබෙනවා.

රජයේ රස පරීක්ෂක වාර්තා ගණනාවක් සහ ඩී.එන්.ඒ වාර්තා සහ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ද සාක්ෂි ලෙස ලකුණු කර ඇති අතර, නඩු විභා­ග­යේදී සහ­රාන්ගේ මරා­ගෙන මැරෙන කණ්ඩා­යමේ සාමා­ජික­යකු රජයේ සාක්ෂි­ක­රු­වකු වෙමින් කරුණු රැසක් අනා­ව­ර­ණය කළා.

නඩු විභා­ගය කාර්ය­ක්ෂම කිරීම සඳහා ගත් පිය­වර නිසා සාමාන්‍ය ක්‍රම­වේ­දය අනුව වසර 20ක් හෝ ඊටත් වැඩි කාල­යක් විභාග වීමට නිය­මි­තව තිබුණු මෙම නඩුව, පැමි­ණිල්ලේ නඩුව අව­සන්ව තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කට පැමිණ තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් හරි­ප්‍රියා ජය­සු­න්දර, අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා, අධි­නී­ති­ඥ­ව­රුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගො­ඩ­ආ­රච්චි, අකිලා දල්ප­දාදු යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත නීතිඥ කණ්ඩා­ය­මක් පැමි­ණිල්ල මෙහෙ­ය­වනවා.

පාස්කු ප්‍රහාර මාලා­වට අදාළ මහ නඩුවේ පැමි­ණිල්ලේ තීර­ණා­ත්මක සාක්ෂි විභාග කෙරෙන වර්ත­මාන තත්ත්වය සැල­කි­ල්ලට ගනි­මින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ ආර­ක්ෂාව වහාම ක්‍රියා­ත්මක වන පරිදි දැඩි කිරී­මට පිය­වර ගෙන තිබෙනවා.

ඒ, අනුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ ආර­ක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතු­රු­පැදි සංඛ්‍යාව ඉහළ නංවා තිබෙනවා.

මෙම නඩු විභා­ගය පැවැ­ත්වෙන්නේ 2019 වසරේ පාස්කු ඉරු­දින කොළඹ, මීග­මුව සහ මඩ­ක­ල­පුව ප්‍රදේ­ශ­වල පිහිටි කිතුනු දේව­ස්ථාන හා සංචා­රක හෝටල් ඉලක්ක කර­ග­නි­මින් එල්ල කෙරුණු මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙන්.

මොහො­ම්මදු ඊබ්‍ර­හිම් මොහො­ම්මදු නව්ෆර් හෙවත් නවු­ෆර් මවු­ලවි ඇතුළු විත්ති­ක­රු­වන් 24 දෙන­කුට එරෙ­හිව පවරා තිබෙනවා.