spot_imgspot_img

අධ්‍යාපනයත් ඩිජිටල්කරණය කිරීමේ සූදානමක්

රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරිමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (16) පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව්වසරක් දක්වා දීර්ඝ කර, උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන බවයි.

දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2,355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමීව අනෙකුත් පළාත් පළාත් 08 තුළ සිදු කෙරුණා.

ඒ, අනුව විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7,342ක් සඳහා ගුරු පත්වීම් ලබාගත්තා.

පාසල්වල පවතින ගුරු හිඟය මගහැරවීම සඳහා කඩිනමින් මෙම පත්වීම් ලබාදීමට කැප වී ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?