අධ්‍යාපනයත් ඩිජිටල්කරණය කිරීමේ සූදානමක්

රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරිමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විද්‍යාපීඨ ගුරුපත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (16) පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිව්වසරක් දක්වා දීර්ඝ කර, උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන බවයි.

දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද ඔහු මෙහි දී සඳහන් කර සිටියා.

බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2,355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමීව අනෙකුත් පළාත් පළාත් 08 තුළ සිදු කෙරුණා.

ඒ, අනුව විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7,342ක් සඳහා ගුරු පත්වීම් ලබාගත්තා.

පාසල්වල පවතින ගුරු හිඟය මගහැරවීම සඳහා කඩිනමින් මෙම පත්වීම් ලබාදීමට කැප වී ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16