AFC Banner
Empty Ad
Empty Ad

අද මැදියම් රැයේ සිට ලාෆ් ගෑස් මිලත් ඉහළට (වීඩියෝ)

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ද ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

නව මිල සංශෝධනයට අනුව කිලෝ 12.5 ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985ක්.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595ක් වනවා.

කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638ක් වනු ඇති.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ද ඉහළ නංවන බවයි එම සමාගම අද දහවල් ප්‍රකාශ කළේ.

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 343කින්. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470ක් වනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති බවයි. එහි නව මිල රුපියල් 1,393ක්.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?