අත්අඩංගුවට ගන්න එපා කියමින් රාජිතගෙන් අධිකරණයට ඇපෑලක්

හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජූලි 18 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නොතීසි නිකුත් කළා.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් අපේක්ෂිත ඇපයක් ඉල්ලා රාජිත සේනාරත්න මහතා ගොනු කළ ඇප අයදුම්පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම නොතීසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසි අද (14) නිකුත් කරන ලද බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ ධීවර ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සිවිල් කරුණක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමට නියමිත බවයි.

කිරින්ද ධීවර වරාය සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් වන කරුණක් පාදක කරගෙන මෙම විමර්ශනය සිදු කරන බවත්, ‘වැලි ගොවුවා’ නෞකාව යොදාගෙන කිරින්ද ධීවර වරායෙන් සුද්ද පවිත්‍ර කිරීමෙන් පසු අදාළ විදේශීය සමාගම මුදල් නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවතින බවත් පැවසුවා.

එසේ සිවිල් කරුණක් පාදක කරගෙන නඩුවක් පවතින කටයුත්තක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිරපරාදේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින හෙයින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 18 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?