කාරක ප්‍රාග්ධනය අවශ්‍යව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට 11% – 12% අතර පොළී අනුපාතිකයක් යටතේ ණය ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්බ කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඇති කෘෂිකාර්මික, සංචාරක සහ අපනයන, නිෂ්පාදන ක්ෂේත්‍රයන් නියෝජනය කරන ව්‍යාපාරික ප්‍රජාවට උපරිමය රුපියල් මිලියන 100 දක්වා වූ ණය මුදලක් ලබාගත හැකි
මෙම වැඩ පිලිවෙළ සදහා රුපියල් මිලියන 4,900 ක මුදලක් ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව යන සහභාගීත්ව මූල්‍ය ආයතන වෙත ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි