අඟුණුකොළපැලැස්සේ මනුෂ්‍ය ඝාතනයක්

අඟුණුකොළපැලැස්ස, දංදෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙළට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 51ක පුද්ගලයෙක් බවයි.

අඟුණුකොළපැලැස්ස, තෙරුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා ගොයම් කපන යන්ත්‍රයක හිමිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ සේවකයෙක් දංදෙනිගම ප්‍රදේශයේ එම යන්ත්‍රයෙන් වැඩකරමින් සිටින අතර තුර මෙම පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් එම ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගෙළට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පවසන පොලිසිය ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට අඟුණුකොළපැලැස්ස පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?