අඟුණුකොළපැලැස්සේ මනුෂ්‍ය ඝාතනයක්

අඟුණුකොළපැලැස්ස, දංදෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙළට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 51ක පුද්ගලයෙක් බවයි.

අඟුණුකොළපැලැස්ස, තෙරුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා ගොයම් කපන යන්ත්‍රයක හිමිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

ඔහුගේ සේවකයෙක් දංදෙනිගම ප්‍රදේශයේ එම යන්ත්‍රයෙන් වැඩකරමින් සිටින අතර තුර මෙම පුද්ගලයා ත්‍රිරෝද රථයෙන් එම ස්ථානයට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගෙළට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පවසන පොලිසිය ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට අඟුණුකොළපැලැස්ස පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46