අග්‍රාමාත්‍ය රනිල් හදිස්සියේම ආදර්ශමත් තීරණයක් ගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබේ.

මීට අමතර ව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු ආපසු මුල් ආයතනවලට යවා ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16ක් ද ආපසු බාර දී ඇති බව වාර්තා වෙනවා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ජනවාරි මාසයට අදාළ වියදම මිලියන 96යි, පෙබරවාරි 96යි, මාර්තු 126යි මේ කරනු පදනම් කරගෙන එතුමා මෙම තිරණය ගෙන තිබේ.