අග්‍රාමාත්‍යවරිය යාපනයේ සංචාරයක – නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික වැඩසටහනේ අටවන සැසිය අද (02) උතුරු පළාත කේන්ද්‍රගත කර පැවැවුණා.

ඒ, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද මෙම සැසිය පැවැත්වුණේ යාපනයේ කයිතඩි හි පිහිටි උතුරු පළාත් ලේකම් කාර්යාලයේදීයි.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය චන්ද්‍රසේකරන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුපෝව, උතුරේ ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන්, උතුරු ආණ්ඩුකාර වේදනායකන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පත්තික් ට්‍රංකසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලංගුමාරන්, අධ්‍යාපන නිලධාරීන් සහ පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියා.

2026 වසරේ සිට රටේ අධ්‍යාපන ක්‍රමයේ, විශේෂයෙන් පාසල් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන ප්‍රජාවගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවල කොටසක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයක්.

මේ අතර වව්නියාව විශ්වවිද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍යවරිය ද සහභාගී වුණා.

එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවති අතර, විශ්වවිද්‍යාල සිසුන් හමුවී ඔවුන් මුහුණදෙන ගැටළු සහ අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරිය කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11