සිවුර පොරවාගත් විශ්ව බුද්ධගේ බැංකු ගිණුම්වලට රට සල්ලි පොම්ප කරලා

බෞද්ධ ආගමට නිගාකරමින් සමාජ මාධ්‍යවල ගිහියෙකු ලෙස අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා ලබා මේ වනවිට රක්ෂිත බන්ධාගාර ගතව සිටින රත්නපුරේ විමල බුද්ධි හිමි නොහොත් “විශ්ව බුද්ධ මුනි” නැමැති චීවරධාරියාගේ බැංකු ගිණුම්වලට වසරකට දෙවතාවක් විදෙස් මුදල් ලැබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ජාතික පුවත්පතක් අද (16) වාර්තා කර තිබුණා.

ඒ, සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කරුණු වාර්තා කර ඇති බවයි එම ජාතික පුවත්පත වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

ඒ, අනුව එම චීවරධාරියාගේ නමින් ඇති පෞද්ගලික බැංකු ගිණුම් 02ක වාර්තා කැදවීමට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සැකකාර චීවරධාරියා පසුගිය 13 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මොහු මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරියට නියෝගයක් ද නිකුත් කළා.

සැකකාර චීවරධාරියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු බවට අධිකරණ වෛද්‍ය වාර්ථාවේ සදහන්ව ඇති බවත්, මොහුව මෙහෙයවීමට යම් සංවිධානාත්මක කල්ලියක් කටයුතු කර ඇද්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට හමුවේ කරුණු දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
14
+1
6
+1
1
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?