වැට් බදු වැඩි කිරීමේ රජයේ යෝජනාවට තමන් පෞද්ගලිකව විරෝධතාවය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
කෙසේ වෙතත් වැට් බදු වැඩි කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තමන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ දී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.
මේ අතර සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.














හානෙ මෙ ගොන් ආතල් දෙන්නෙ නැතිව හිටහන්. ඔවා හොදයි පොහොට්ටුවෙ ඉතුරුවෙලා ඉන්න සොකඩ බොකඩ මොලෙ කලදක් නැති උන්ට . ඇයි යකො තත්තාගෙ බාප්පගෙ පක්ශෙ ඉලග නායකයා වෙන්න ඉන්නෙ තමුන්නම් පුලුවන්නම් පක්ශෙ උන් චන්දෙ නොදී ඉන්න කටයුතු කරපන්. උබෙ චන්දෙ කියන්නෙ නිකන් අදො වාතයක් විතරයි. අපිට මතකයි හම්බන්තොට වරාය විකුනන වෙලාවෙත් විරුද්දව චන්දෙ දෙන්නෙ නැතිව අප්පලා පුතාල මග ඇරලා ගිය හැටි. දැන්වත් ඔය ගොන් ආතල් නවත්තාහල්ලා.