Update – වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා රට පුරා සන්නද්ධ හමුදා යොදවයි

වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා විසින් වහාම රට පුරා සන්නද්ධ හමුදා යෙදවීමක් නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය සිදුකරමින් ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස් පවසා ඇත්තේ, වෙනිසියුලාවට එරෙහිව මෙතෙක් සිදු වූ “නරකම ආක්‍රමණය” සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති මදුරෝගේ නියෝග අනුගමනය කරමින් සිටින බවත්, සියලුම සන්නද්ධ හමුදා යොදවනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

ඇමරිකාව තම රටට පහර දී ඇති බවත්, නමුත් ඔවුන් අපව යටත් කර නොගනු ඇති බවයි ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම් කාලයේ ඇමරිකානු ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවත් ඔහු පවසනවා.

ඇමරිකාව, වෙනිසියුලානු අගනුවරවන කරාකස් වෙත එල්ල කළ ප්‍රහාර සිවිල් ප්‍රදේශවලට බලපෑ ඇති බවත් ඔහු සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47