Update – වෙඩි වැදුණු ට්‍රම්ප් අත්දැකීම විස්තර කරයි – බයිඩන් ප්‍රහාරය හෙළා දකියි

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය ජනාධිපති ජෝ බයිඩන් හෙළා දැක තිබෙනවා.

ඊට අමතරව එරට හිටපු ජනාධිපතිවරයෙක්වන බැරැක් ඔබාමා ද මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම තවත් රාජ්‍ය නායකින් රැසක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ දේශපාලන රැළියේ දී “සුස් හඬක්” සමඟ කනේ සම හරහා වෙඩි උණ්ඩයක් යන බවක් දැනුණු බවයි.

“දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කන් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් පවසනවා.

ඇමරිකාවේ ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුණේ, පෙන්සිල්වේනියා හි බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතමින් සිටිය දීයි.

මෙම වෙඩි තැබීමෙන් රැළියට සහභාගී වී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

එමෙන්ම වෙඩි ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු ද ආරක්ෂක අංශවල ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ආරක්ෂාව පවත්වාගෙන ඔවුන්ගේ ප්‍රමුඛතාවක් බවයි ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20