AFC Banner
Empty Ad
Empty Ad

Update – වෙඩි තැබීම් හතරක් – පොලිසියේ දෙදෙනෙක් ඇතුළු හතරක් මරුට

අද (04) අලුයම කාලයේ සිදු වූ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ කාන්තාවක් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක අද (04) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් ඝාතනයට ලක්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසු වූ පොලිස් කොස්තාපල්වරයෙක්.

කරඬුගල පොලිස් ස්ථානයට අනුයුතව සේවය කරන පොලිස් නිලධාරියෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

පසුව අදාළ පොලිස් නිලධාරියා ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසකට පැමිණ 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව කරඬුගල පොලිස් ස්ථානයට පැමිණ ඇති 42 හැවිරිදි මෙම පොලිස් නිලධාරියා පොලිස් ස්ථානය තුළ දී සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සෙවණගල ප්‍රදේශයේ නිවසක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
2
+1
1
+1
5
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?