spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – වැලිගම, මුහුදු මාවතේ වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට (ඡායාරූප)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (15 ) රාත්‍රියේ වැලිගම – මුහුදු මාවතේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි මත්ස්‍ය වෙළඳසැලක් අසළ වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් එම මත්ස්‍ය වෙළඳසැලේ හිමිකරු බව කියන එන්.ආර් චමින්ද නුවන් කුමාර නැමති 42 හැවිරිදි පුද්ගලයෙක් සහ 52 හැවිරිදි මහින්ද ගුණතිලක නැමති වෙළඳසැලේ සහායකයා තුවාල ලැබුවා.

මෙහිදී චමින්ද කුමාර යන අයගේ පපුවේ දකුණ පසට වෙඩි උණ්ඩ 02ක් වැදි ඇති අතර, මහින්ද නැමැති පුද්ගලයාගේ වම් උරහිස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

තුවාල ලැබූ ඔවුන් දෙදෙනා වැලිගම – වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා මාළු මිලට ගැනීමට පැමිණි බවට අඟවමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය හා පාතාල කල්ලි සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණගේ ප්‍රසාද් මධුශංක නොහොත් ‘මිදිගම චූටි’ යන අයගේ ගෝලයින්ට මත්ස්‍ය වෙළඳසැලේ අයිතිකරු වන චමින්ද නුවන් කුමාර යන අය විසින් සිදුකරන හිරිහැර හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබිම සිදුකර ඇති බවටයි ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?