Update – වැල්ලම්පිටිය වෙඩි තැබීම වනාතේ චතූගේ පාර්ශ්වය කළ බවට සැකයක් – ඉලක්කය වනාතේ දුමින්දගේ ගෝලයෙක් (වීඩියෝ)

වැල්ලම්පිටිය පොලිස් වසමේ කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක දී දෙදෙනෙක් ඉලක්ක කරගෙන අද (25) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

අදාළ ලැඟුම්හලේ නවාතැන් ගෙන සිටි සසික ප්‍රියදර්ශන නැමැති සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහු සමඟ සිටි බාල සුබ්‍රමනියම් අනූෂා නැමැති කාන්තාවක් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.

මෙලෙස වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ සසික ප්‍රියදර්ශන නැමැත්තා වනාතේ දුමින්ද යන අයගේ පාර්ශ්වයේ සාමාජිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය සැකපළ කරන්නේ වනාතේ චතූ යන අයගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් තිදෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකථනයක් සහ වෙඩි තැබීමට භාවිත කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57