Update – මන්නාරම් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් ඩිංගි බෝට්ටුවේ, හෂිස් කිලෝ 50ක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (14) නාවික හමුදා විසින් සිය භාරයට ගෙන තිබුණා.

නාවික හමුදා භාරයට ගත් එම ඩිංගි යාත්‍රාව, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දෙක සහ සැකකරුවන් දෙදෙනා මන්නාරම, තාල්පාඩු ජැටිය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබු උර දෙකෙහි හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක් ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙම ඩිංගි යාත්‍රාව , හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික තොගය සමඟ සැකකරුවන් දෙදෙනා ඉදිරි වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදව විසින් නිව්දනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57