Update – භූකම්පනයෙන් මියන්මාරයේ මිය ගිය ගණන 700ට ආසන්න වෙයි

ඊයේ (28) ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියන්මාරය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 700ට ආසන්න වී තිබෙනවා.

මියන්මාර හමුදා නායකයා පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 694 දෙනෙකු මියගොස් 1,670 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව තව දුටටත් ඉහළ ය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර භූමිකම්පාව සිදු වූ මියන්මාරයේ මැන්ඩලේ කලාපයේ පුද්ගලයින් 68 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි හමුදා ජුන්ටාව පවසන්නේ.

මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12:50ට පමණ ඇතිවූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන්ව තිබුණා.

මේ අතර මෙම භූකම්පනයේ ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ස චීනයට ද දැනී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43