Update – දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියට කතක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී ඊයේ (21) රාත්‍රියේ වෙඩි තබා තරුණයින් දෙදෙනෙක් ඝාතනය කළ සිද්ධියට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර කාන්තාවක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

ඩුබායි හි සැඟව සිටින පටබැදි මද්දුමගේ ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලී’ නැමැත්තා විසින් මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

බාලේ මල්ලී නැමැත්තා සමඟ ඝාතනයට ලක් වූ පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නැමැති 28 සහ 29 යන වියේ පසු වූ මෙම තරුණයින් දෙදෙනා ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසනවා.