Update – දක්ෂිණ අධිවේගයේ අද අලුයම සිදු වූ අනතුරේ තොරතුරු රැසක් අනාවරණය වෙයි (ඡායාරූප)

පුද්ගලයින් 08 දෙනෙක් ගමන් ගත් වෑන් රථයක්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර 9.6 ආර් ප්‍රදේශයේදී අධි ශීතකරණ සහිත ලොරි රථයක ගැටීමෙන් අද (16) අලුයම් කාලයේ අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් 32 හැවිරිදි අවිවාහක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

තුවාල ලැබූවන්ගෙන් සිව්දෙනෙක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් කාන්තාවක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි මොරගහහේන පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙක් තිදෙනා කුඩා ළමුන්වන අතර, ඔවුන් තිදෙනාම කළුබෝවිල රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

වයස අවුරුදු 13, 11 සහ 07 යන වයස්වල පසුවන් ළමුන් තිදෙනෙක් මෙලෙස තුවාල ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අනතුර ලක්ව ඇත්තේ වූ නෙළුව, තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

මේ වනවිට හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කාන්තාව විවාහ වීමට සිටින තරුණයා විදෙස් ගතව සිට මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත යමින් සිටිය දී මොවුන් පිරිස මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂය පත් වූ තරුණිය වෑන් රථයේ ඉදිරිපස වම් පස අසුනේ ගමන් කර ඇති අතර, එළෙඹෙන දෙසැම්බරයේ
ඇය විවාහවීමට සිටි තරුණයා වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, ලොරි රථයේ පිටුපස දකුණු පස සුළු හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (16) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි එම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.

වෑන් රථය පැදවූ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

WhatsApp Image 2025 09 16 at 9.07.48 AM
WhatsApp Image 2025 09 16 at 9.07.47 AM
DeWatermark.ai 1757993831728
DeWatermark.ai 1757993791646
  1. මේව කාටත් හොද පාඩම්.
    වෑන් හරියට බිත්තර කටු වගේ.
    ඇන්ජිම්ති තියෙන්නේ ආසන දෙක මැද ටිකක් පස්සට වෙන්නනේ. ඉතිං හැපුනොත් චැසිය කඩාගන යනවා..ඉදිරි ආසනය මාරම භ්‍යානකයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39