Update – ත්‍රිකුණාමලය ගුවන් අනතුර ගැන සොයන්න විශේෂ පරීක්ෂණ කමිටුවක් (ඡායාරූප)

ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය, චීන වරාය කඳවුරු ප්‍රදේශයට වැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් මෙම පරීක්ෂණ කමිටුව පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ.

ගුවන් නියමුවන් පුහුණු කිරීම සදහා යොදාගනු ලබන PT – 06 වර්ගයේ ගුවන් යානයක් අද (07) පෙරවරුවේ චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ටික වේලාවකට පෙර කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙහිදී යානයේ ගමන් ගත දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සදහා එහි ගමන් කළ ඉංජිනේරු නිළධාරියායි.