Update – නාවික හමුදාව ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ බිලියන 5කට ආසන්න අයිස් සහ හෙරොයින්

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 05කට ආසන්න බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය මාස හතක පමණ කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව හෙරොයින් කිලෝ 754ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1880ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Update – Sunday, November 2, 2025, 10.55 AM

ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව ඇල්ලූ බහුදින යාත්‍රාවේ හෙරොයින් සහ අයිස්

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව නාවික හමුදාව පවසනවා.

එම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය උර 16ක දමා තිබිය දී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ කිරුම් කටයුතු සිදුකරමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පුද්ගලයින් හයදෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව අද (02) උදෑසන දික්‌ඕවිට වරාය වෙත රැගෙන ආවා.

  1. අනර්ඝ වැටලීමකි.සහභාගිවූ නාවික හමුදා නිලධාරීන් සියලු දෙනාටම රටේ සියලු දෙමාපියන් විසින් තම හෘදයාංගම ස්තූතිය පිරිනමනු ඇත.තවත් මෙවැනිම වැටලීම් කිරීමට ධෛර්යය සහ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. දක්ෂ ඉහල නිළධාරි මහතාගේ නායකත්වය හා මඟ පෙන්වීම ඉහලින්ම අගය කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57