spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – ගලපිටමඩ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පාතාල සාමාජිකයෙක්

නිට්ටඹුව – ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ දුනුමාල කෝවිල අසල දී කැබ් රථයක් තුළ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාතාල සාමාජිකයෙක් බවට අනාවරණය වී තිබෙනවා.

දුනුමාලගේ සරත් වේරගොඩ නැමැති මෙම පුද්ගලයා අද (14) උදෑසන මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණා.

41 හැවිරිදි වියේ පසු වූ මෙම තැනැත්තා රබර් වත්තක මුරකරුවෙක් ලෙස සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩි තැබීම සඳහා ටී – 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
5
+1
3
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?