Update – කපුගම ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය යටියනින් සොයාගැනේ (වීඩියෝ)

ගන්දර, කපුගම ප්‍රදේශයේ දී අද (03) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

අදාළ යතුරුපැදි මාතර, යටියන ප්‍රදේශයේ දමාගොස් තිබියදී අද පස්වරු 3.00ට පමණ සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අද (03) උදෑසන 6.30ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලැබුවා.

මෙලෙස තුවාල ලැබූවේ ගන්දර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි බහුදින යාත්‍රා සහ බස් රථ හිමිකරුවෙක් වන ප්‍රසාද් නිශාන්ත නැමැත්තෙක්.

අදාළ පුද්ගලයා නිවසේ ආලින්දයේ තේ පානය කරමින් සිටිය දී ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙහිගෙදර බාලේ නැමැත්තා විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට සැකයක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසියේ විශේෂ කණ්ඩායම් තුනක් එක්ව විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36